මහත්මා ගාන්ධිතුමාගේ 155 වැනි ජන්ම සංවත්සරය ඊයේ(02) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී උත්සවාකාරයෙන් සමරා තිබෙනවා.
එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පිහිටි මහත්මා ගාන්ධි පිළිරුවට මල්මාලා පළඳවා උපහාර දැක්වූ බව ද සඳහන්.
මෙම ප්‍රතිමාව මහත්මා ගාන්ධිතුමාගේ 150 වැනි ජන්ම සංවත්සරය සැමරීම සඳහා 2019 වසරේදී ඉන්දියාවෙන් ලැබුණු ත්‍යාගයක් ලෙසයි දැක්වෙන්නේ.
කෙසේ වෙතත්, උත්සවයෙන් අනතුරුව මහ කොමසාරිස්වරයා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවී සුහද කතාබහකද නිරත වී තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 375