ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් සංඛ්‍යාව 38 ක් වන අතර ඒ අනුව ප්‍රචාරක වියදම් වාර්තා අපේක්ෂකයින් 34 දෙනෙකු මෙතෙක් ලබාදී නැහැ.මෙතෙක් ප්‍රචාරක වියදම් වාර්තාව ලබා දී ඇත්තේ අපේක්ෂකයින් 4 දෙනෙකු පමණක් බවයි සඳහන් වෙන්නේ.
මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ලබන 13 වැනිදාට පෙර, එම වාර්තා ලබාදිය යුතු අතර අදාළ කාලසීමාව තුළ වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.
Author: Lanka Hit News
Post Views: 22