ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් නාමයෝජනා ලබාදීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ ඊයේ (05) එම පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා.
මේ අතර, එළැඹෙන මහමැතිවරණයේ දී පක්ෂයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට පමණක් නව සන්ධාන බිහිකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් වැඩිකර ගැනීමේ අරමුණින්, නව සන්ධාන බිහිකිරීමේ අරමුණක් නොමැති බව ඔවුන් සඳහන් කළේ.
එළැඹෙන මහමැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකරන අතර, ඉදිරි දිනවලදී සියලු දිස්ත්‍රික්ක වෙනුවෙන් නාම යෝජනා භාරදීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි.
Author: Lanka Hit News
Post Views: 24