ඔහු ඕස්ට්‍රේලියාවට ගියේ හරියටම මීට දශකයකට පමණ පෙරදීයි.. ශ්‍රී ලංකික තරුණයෙකු වූ විනුල් කරුණාරත්න ගැන මේ වනවිට බොහෝ දෙනා කතා වෙන්නේ ඔහු මිලියනපතියකු බව එරට මාධ්‍ය වාර්තා කිරීමෙන් පසුවයි.. කිසිම දේපළක් නොමැතිව ඔස්ට්‍රේලියාවට පැමිණි විනුල් වසර 5 ක් තුළ ඔහු නිරතවූ අර්ධ කාලීන රැකියාවෙන් ඩොලර් මිලියන 1.2 ක මුදලක් උපයා ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබුණා..
විනුල් කරුණාරත්න මේ වනවිට 25 හැවිරිදි වියේ පසුවන බවත් සෙවන් ඉලෙවන් සුපිරිවෙළඳසැල් ජාලයේ රාත්‍රී වැඩ මුරයේ සේවය කරන අතරතුර 2019 වසරේ සිට අර්ධ කාලීනව පිරිසිඳු කිරීමේ රැකියාවක නිරත වී තිබුණා..
ඕස්ට්‍රේලියානු මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ, විනුල් ඕස්ට්‍රේලියාවේ සේවා සපයන වෙබ් අඩවියක් වන එයාර් ටාස්කර් වෙබ් අඩවිය ඔස්සේ පිරිසිදු කිරීමේ රැකියාවේ නිරත වී ඇති බවත් මේ වනවිට එම වෙබ් අඩවියේ ඉහළම අදායම් උපයන 10 දෙනා අතරට පැමිණීමට ඔහුට හැකියාව ලැබී තිබෙන බවයි..
ඔහු කාර්යාල සහ නිවාස පිරිසිඳු කර දවසට ඩොලර් 1000 – 1400 ත් අතර මුදලක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 2 ක් පමණ) උපයන බවත් ශ්‍රී ලංකාවේ සිටින දෙමාපියන්ට සුඛෝපභෝගී නිවසක්ද ඔහුගේ මිලදී ගැනීමට සිහින මැවූ මෝටර් රථයද මේ වනවිට මිලදී ගැනීමට විනුල්ට හැකියාව ලැබී තිබීම ඇත්තටම සතුටට කරුණක්..