1975 සිට දකුණු අප්‍රිකානු රට පාලනය කරන පාලක පක්ෂයට ජයග්‍රහණය ලබා දීමට බොහෝ දුරට ඉඩ ඇති ආතති සහගත ජනපතිවරණය ආරම්භ වී තිබෙනවා.
වාර දෙකක කාලයක් සේවය කිරීමෙන් පසු ඉල්ලා අස්වන ජනාධිපති ෆිලිප් නියුසි වෙනුවට මෙහිදී අපේක්ෂකයින් හතර දෙනෙක් තරග කරන බව සඳහන්.
ඉන් 47 හැවිරිදි ඩැනියෙල් චාපෝ ට වැඩි ජනප්‍රියතාවක් ඇති බව විදෙස් වාර්තා පවසනවා.
ඔහු නීතිඥයෙකු වන අතර, දිගුකාලීන පාලක පක්ෂයට නැවුම් මුහුණුවරක් එක් කළ අයෙක්.
කෙසේ වෙතත්, පසුගිය මැතිවරණවලදී ඡන්ද මංකොල්ලකෑම් සිදු වූ බව නිරීක්ෂකයින් පවසා තිබෙනවා.
කවුරුන් ජයග්‍රහනය කළත්, ජයග්‍රාහකයාට ඉස්ලාමීය කැරැල්ල සහ ආර්ථික අභියෝග සමඟ කටයුතු කිරීමට සිදුවනු ඇති බවයි විචාරකයන් පවසන්නේ.
Author: Lanka Hit News
Post Views: 21