විදුහල්පති ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව යටතේද අපේක්ෂා භංගත්වයට පත්වන තත්ත්වයක් ඇතිවී තිබෙන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසනවා.
අවම වශයෙන් ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් හෝ නොකරන තත්ත්වයට ආණ්ඩුව පත්ව ඇති බවයි ඔහු සඳහන් කළේ.
ගුරුවරුන්ගේ කරපිටින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ වත්මන් පාලනය ගුරුවරයාගේ, අධ්‍යාපනයේ සහ සිසු දරුවාගේ ප්‍රශ්න විසඳීම වගකීමක් බවත් ඒ වෙනුවට සිදුකර ඇත්තේ ගුරුවරයා සම්පූර්ණයෙන්ම අමතක කිරීමක් පමණක් බවත් ඔහු පෙන්වා දුන්නා.
Author: Lanka Hit News
Post Views: 48