Global Platform For All Sri Lankans

Lanka Hit News

කටුනායකට පැමිණි යානයේ බෝම්බ බියක් නැහැ..

UPDATE ….

බෝම්බ බියක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළට ගොඩබෑමට කටයුතු කළ විස්තාරා ගුවන් සමාගමට අයත් UK 131 යානය සම්බන්ධයෙන් ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

එමඟින් ඔවුන් සඳහන් කර ඇත්තේ, අදාළ යානයේ බෝම්බ බියක් නොමැති බවයි.

මෙම යානය පස්වරු 2.51ට ගොඩබෑමට නියමිතව තිබූ බවත් ඊට විනාඩි 10කට පෙර එහි නියමුවාට එහි බෝම්බයක් ඇති බවට පණිවුඩයක් ලැබී ඇති බවත් එම සමාගම සඳහන් කළා.

ඒ අනුව, ආරක්ෂක පියවර අනුගමනය කරමින් යානය ගොඩබෑමට කටයුතු කළ බව සඳහන්.

ඉන් අනතුරුව මගීන් සහ යානය පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි බෝම්බය බියක් නොමැති බවට අනාවරණවී ඇත්තේ.

මේ යානයේ මගීන් 240 දෙනෙකු සිටි බවට මීට පෙර සඳහන් කළ ද මේ වනවිට ඒ සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් ගුවන් සමාගම විසින් සිදු කර තිබෙනවා.

ඒ අනුව එහි මගීන් 96 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ අට දෙනෙකු සිට ඇති බව සඳහන්.

මේ අතර ගත වූ පැය 24 තුළ ඉන්දිය ගුවන් සමාගම්වලට අයත් යානා 11කට මෙලෙස බෝම්බ තර්ජන එල්ලවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

———————————————————————-

ඉන්දියානු ගුවන් සේවයට අයත් විස්තාරා ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපළට ගොඩබස්සවා තිබෙනවා.

ඒ, එම යානය සම්බන්ධයෙන් මතු වූ බෝම්බ බියක් හේතුවෙන්.

මෙම යානය මුම්බායි සිට මෙරටට පැමිණ ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ වනවිට ගුවන් යානයෙන් මගීන් ඉවත් කරමින් සිටින බව සඳහන්.

මෙම යානයේ මගීන් 240 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ව පරීක්ෂා කටයුතු සිදු කරන බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර අදාළ සමාගමට අයත් තවත් යානයක් ලන්ඩන් බලා පියාසර කරමින් සිටියදී බෝම්බ බියක් හේතුවෙන් ජර්මනියේ ෆැන්ක්ෆට් ගුවන්තොටුපළට ගොඩබස්සවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads