Global Platform For All Sri Lankans

කියුබාව තවමත් පීඩාවෙන්..

මිලියන සංඛ්‍යාත ජනතාවක් අඳුරේ ගිල්වමින් පැය 24ක් තුළ ජාතික විදුලිබල පද්ධතිය දෙවරක් කඩා වැටීමෙන් පසු දිවයිනේ ජනතාවගෙන් පහෙන් එකකට ආසන්න පිරිසකට විදුලිය යථා තත්ත්වයට පත් කළ බව කියුබානු රජ ප්‍රකාශ කරනවා.

පෙර නොවූ විරූ ලෙස රටපුරා විදුලිය ඇනහිටීම නිසා මිලියන 10 ක ජනතාවක් පීඩාවට පත්වුණා.

ඔවුන් මේ වන්විටත් ආහාර, ඖෂධ සහ ඉන්ධනවල හිඟයකින් පීඩා විඳිමින් සිටින බව සඳහන්.

කියුබාවේ විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට නිලධාරීන් කටයුතු කරමින් සිටින නමුත්, එම ක්‍රියාවලිය මන්දගාමීවන අතර කාර්යය ඉක්මන් කිරීම නිසා තවත් විදුලිය විසන්ධි වීමට සහ සේවාව ඇනහිටීමට හේතු විය හැකි බවයි ඔවුන් පවසා ඇත්තේ.

කුයුබාවේ හවානා අගනුවර තවදුරටත් අඳුරේ පවතින අතර, කැරිබියන් දූපතේ බොහෝ ප්‍රදේශවලට තද සුළං සහ වර්ෂාපතනයක් ද ආරම්භ වී තිබෙනවා.

මේ අතර, ඉදිරි දිනවලදී ඊසානදිග කියුබාවට ඔස්කාර් සුළි කුණාටුව පහරදෙනු ඇතැයිද අපේක්ෂා කෙරෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads