Global Platform For All Sri Lankans

Lanka Hit News

කැලණිය සරසවි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සිසුන් 21 දෙනෙකුගෙන් ප්‍රකාශ

 

කැලණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ හතරවන මහලෙන් ඇද වැටී මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද(24) සිදු කිරීමට නියමිතයි.

ඒ, රාගම ශික්ෂණ රෝහලේදීයි.

මේ අතර, ඊයේ පස්වරුවේ මෙම ස්ථානය මහර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ රජයේ රස පරීක්ෂකවරයා පරික්ෂාවට ලක්කළා.

එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිසුන් ඇතුලු 21 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මියගිය සිසුවා එම විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පිඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන 24 හැවිරිදි රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු තවත් සරසවි මිතුරන් පිරිසක් සමඟ ශිෂ්‍ය නේවාසිකාගාරයේ හතරවන මහලේ මත්පැන් පානය කර ඇති අතර, පසුව එහි ජනේලයක් මත නැගී පහළට මුත්‍රා කරන අවස්ථාවේ ඉන් පහලට ඇද වැටෙන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads