බීජිං හි පිහි ඇනුමකින් ළමුන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා ඇති බව චීන පොලීසිය පවසා තිබෙනවා.
චීනයේ අගනුවර හයිඩියන් දිස්ත්‍රික්කයේ මෙම සිද්ධිය සිදුවූ බවයි ප්‍රාදේශීය පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
සැකකරු, ටැන්ග් නම් වයස අවුරුදු 50 ක පමණ පිරිමි පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, එම ස්ථානයේදීම ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇති අතර, ඉන් කිසිවෙක් ජීවිත තර්ජනාත්මක තත්ත්වයේ නොමැති බව සඳහන්.
බිලියන 1.4 ක ජනගහනයක් ඇති චීනයේ සාමාන්‍යයෙන් ප්‍රචණ්ඩකාරී අපරාධ අනුපාත අඩු නමුත් මෑත දශක කිහිපය තුළ ඉහළ පෙළේ පිහි ඇනීමේ සිද්ධීන් ගණනාවක් වාර්තා වී ඇති බවයි චීන වාර්තා සඳහන් කරන්නේ.
Author: Lanka Hit News
Post Views: 27