Global Platform For All Sri Lankans

පෙට්‍රල් නැව් 5ක් මිලදී ගන්න කොන්ත්‍රාත්තුවට අනුමැතිය

 

දෙසැම්බර් 01 වනදා සිට ලබන වසරේ මැයි 31 වනදා දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Unl නැව් තොග 05ක් මිලදී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබි තිබෙනවා.

මේ සඳහා, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේ දී ගෙවීමේ ක්‍රමවේදය සහ නෞභාරපත නිකුත් කළ දින සිට දින 30කින් ණයවර ලිපියක් මඟින් ගෙවීම් කිරීමේ ක්‍රමවේදය යන විකල්ප ගෙවීම් කොන්දේසි යටතේ ලංසු කැඳවා තිබුණා.

ඒ අනුව ලංසු 07 ක් ලැබී ඇති අතර, මූලික ඇගයීමේදී ලංසු 03 ක් ප්‍රතික්ෂේප වී ඇති බව සඳහන්.

ස්ථාවර තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අදාළ කොන්ත්‍රාත්තුව නෞහාරපත නිකුත් කළ දින සිට දින 30කින් ණයවර ලිපියක් මඟින් ගෙවීම් කිරීමේ ක්‍රම වේදය යටතේ සිංගප්පූරුවේ විටෝල් ඒෂියා පෞද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads