මෙරට අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක, 1996ක් ඉදිකිරීම, පැකේජ 03ක් යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන රජය විසින් නම් කර ඇති 08 දෙනෙකු වෙතින් ලංසු කැඳවා ඇති බව සඳහන්.
එම ලංසු ඇගයීමෙන් පසුව තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව කොන්ත්‍රාන්තු ප්රදානය කිරීම පිණිස ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර තිබෙනවා.