Global Platform For All Sri Lankans

Lanka Hit News

පාකිස්ථානයට ඉතිහාස ගත ජයක්

ඔස්ට්‍රේලියාව සමඟ පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයගැනීමට සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවන සහ අවසන් තරගය කඩුලු 08කින් ජයගැනීමත් සමඟයි.

තරග‌යේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 31.5ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 140ක්.

ශේන් ඇබෝට් ලකුණු 30ක් සහ මැතිව් ෂෝට් ලකුණු 22ක් ලබාගැනීමටයි සමත් වුණේ.

පන්දු යැවීමේදී ෂයින් ෂා අෆ්රිඩි සහ නසීම් ෂාහ් කඩුලු 03 බැගින් දවාගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 141ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානය එය පන්දුවාර 26.5ක් තුළ කඩුලු දෙකක් පමණක් දැවි පසු කළා.

එහිදී සයිම් අයුබ් ලකුණු 42ක් සහ අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 37ක් ද රැස්කරගත්තා.

පන්දුයැවීමේදී ලාස් මොරිස් කඩුලු දෙකක් දවාගැනීමටයි සමත් වුණේ.

පාකිස්ථාන කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේදී එක්දින තරගාවලියක් අවසන් වරට ජයගනු ලැබුවේ, 2022 වසරේදීයි.

එම කණ්ඩායමට වකාර් යුනිස් නායකත්වය ලබාදී තිබුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේදී පාකිස්ථාන කණ්ඩායමක් එක්දින තරගාවලියක් ජය ගනු ලබන්නේ වසර 22කට පසුවවීමත් විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාව සහ පාකිස්ථානය අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන 14 වැනිදා බ්‍රිස්බේන්හිදී ආරම්භ වනු ඇති.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

රටට සෞභාග්‍ය උදාවේවායි ප්‍රාර්ථනය සහිතව, ශ්‍රී දළදා මාලිගාවේ සිදු වු අලුත් සහල් මංගල්‍යය..

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පවත්වනු ලබන සතර මහා මංගල්‍යයන්ගෙන් පළමුවැන්න වන අලුත් සහල් මංගල්‍යය චාරිතානුකූලව දුරුතු පුන් පොහෝ දිනය

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads