Global Platform For All Sri Lankans

Lanka Hit News

ට්‍රම්ප් ඝාතන තැතේ චූදිතයා, ආරුගම්බේ සිදුවීම පිටුපස ?

 

ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල සංචාරකයන්ට ආරුගම්බේහිදී ප්‍රහාර එල්ල කිරීම සඳහා පැවැරී තිබුණේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කොන්ත්‍රාත්තුව ලබාගත් බවට චෝදනා එල්ල වූ ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය හා සම්බන්ධකම් පවත්වන කුප්‍රකට කුලී ඝාතකයෙක් වන ෆර්ෂාඩ් ෂකේරිට බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පසුගිය සෙනසුරාදා නිවේදනය කර තිබෙනවා.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය නිවේදනයකට අනුව, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සමඟ සම්බන්ධකම් ඇති බවට චෝදනා සහිත ෂකේරි එම බළකායේ විවේචකයන් නිහඬ කිරීම සඳහා ඉරාන නිලධාරීන් විසින් සංවිධානය කරන ලද පුළුල් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටස් කරුවෙක් බවට ද සඳහන්.

ෂකේරිට ට්‍රම්ප් මරා දැමීම සඳහා, අමෙරිකානු ඩොලර් 300,000 කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබී ඇති බවටද , ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඉරානය විදේශයන්හි මෙහෙයුම් කිරීම සඳහා වෙනත් පුද්ගලයන් සහ අපරාධ ජාලා මෙහෙයවමින් ඇති බව ෂකේරිගේ කුමන්ත්‍රණයෙන් පැහැදිලි වන බව එරට අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකාවේ සංචාරයෙහි නියුතු ඊශ්‍රයාල ජාතිකයන් ඝාතනය සඳහා සැලකිය යුතු මුදලක් ලබා දී ඇත්තේ ෆර්ෂාඩ් ෂකේරි විසින් බවයි සඳහන් වන්නේ.

ජාත්‍යන්තර සීමාවන් නොතකා ඉරානය සිය පාලන තන්ත්‍රයේ විරුද්ධවාදීන් සහ එය සතුරු ලෙස සලකන අය ඉලක්ක කර ගැනීමට දරණ උත්සාහයන් මෙම සිද්ධියෙන් ඉස්මතු වන බව පවසන එෆ්.බී.අයි. අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් වේ ප්‍රකාශ කර ඇත්තේ, එවැනි තර්ජනවලට එරෙහිව ඒජන්සිය සුපරීක්ෂාකාරීව සිටින බව යි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

රටට සෞභාග්‍ය උදාවේවායි ප්‍රාර්ථනය සහිතව, ශ්‍රී දළදා මාලිගාවේ සිදු වු අලුත් සහල් මංගල්‍යය..

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පවත්වනු ලබන සතර මහා මංගල්‍යයන්ගෙන් පළමුවැන්න වන අලුත් සහල් මංගල්‍යය චාරිතානුකූලව දුරුතු පුන් පොහෝ දිනය

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads