Global Platform For All Sri Lankans

Lanka Hit News

පාර්ලිමේන්තුවේ බහුතර බලය ජාතික ජන බලවේගය දිනා ගනියි !

 

2024 මහ මැතිවරණයෙන්, පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුතු ජාතික ජනබලවේගය අද (15) සමත් වුණා.

ඒ , මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රථිපලයන්ට අදාළව පාර්ලිමේන්තුවේ ආසන 123 සීමාව ඉක්මවා යමින්.

ජාතික ජනබලවේගය මෙම මැතිවරණයේ දී මේ වන විට ආසන 196කින් , පාර්ලිමේන්තු ආසන 123ක් ලබා සිටින්නේ, ඡන්ද 6,842,223ක් ලබා ගනිමින්.

මේ අතර, පාර්ලිමේන්තුවේ දෙවැනි වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ඇත්තේ සමගි ජන බලවේගය වන අතර, ඔවුන් විසින් දිනා ඇති පාර්ලිමේන්තු ආසන ගණන 31ක්.

මේ වන විට පාර්ලිමේන්තුවේ තුන්වැනියට වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ඇත්තේ ඉලංකෙයි තමිල් අරසු පක්ෂය වන අතර, ඔවුන් දිනා ඇති මන්ත්‍රී ආසන ගණන 06ක්.

කෙසේ වෙතත්, ජාතික ධුර යටතේ , ජාතික ජනබලවේගයට තවත් පාර්ලිමේන්තු ආසන හිමිවීමට නියමිතයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

රටට සෞභාග්‍ය උදාවේවායි ප්‍රාර්ථනය සහිතව, ශ්‍රී දළදා මාලිගාවේ සිදු වු අලුත් සහල් මංගල්‍යය..

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පවත්වනු ලබන සතර මහා මංගල්‍යයන්ගෙන් පළමුවැන්න වන අලුත් සහල් මංගල්‍යය චාරිතානුකූලව දුරුතු පුන් පොහෝ දිනය

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads