Global Platform For All Sri Lankans

බැංකු ගිණුම් 25ක් සතු පිරමීඩ සමාගමේ යුවළට අධිකරණයෙන් දුන් නියෝගය

 

එරාමිකල් ජෙනිසික් නැමැති වෙබ් අඩවියක් හරහා පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් තැන්පත්කරුවන් 3000කට වැඩි පිරිසකගෙන් රුපියල් කෝටි 1000ට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධියට අදාළව එම සමාගමේ සභාපතිවරයා හා එහි මූල්‍ය අධ්‍යක්ෂිකාව වන ඔහුගේ බිරියගේ බැංකු ගිණුම් 12ක වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඔවුන් දෙදෙනා මේවන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (21) මෙම නියෝගය නිකුත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයටයි.

මෙම සැකකරුවන්ට බැංකු ගිණුම් 25ක සංඛ්‍යාවක් තිබෙන බවත්, තැන්පත්කරුවන් 3000ට අධික පිරිසක් නීත්‍යානුකූල නොවන එම පිරමීඩාකාර මූල්‍ය ආයතනයට මුදල් ආයෝජන කර ඇති බවත්, විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වුවා.

මුදල් වංචා කළ සැකකාර යුවළ පසුගියදා කටුනායක ගුවන් තොටුපලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙරටට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම පිරමීඩ ජාවාරම මෙරට සිට මෙහෙයවනු ලැබූ තවත් සැකකරුවන් හැට අට දෙනෙක් සහ නායකයන් තිස් දෙනෙකු මෙම සිද්ධියට සම්බන්ධ වී ඇති බවද බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි මෙම අඹු සැමි යුවළ ලබන මස 5 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads