Global Platform For All Sri Lankans

මාසයයි දින 23ක සිඟිත්තා මවු කිරි සිරවී ජීවිතක්ෂයට..

 

පාදුක්ක, උතුරු අරුක්වත්ත ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවකු ඉකුත් දා (19) අලුයම මවු කිරි සිර වීම හේතුවෙන් මියගොස් ඇතැයි පාදුක්ක පොලීසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ, පාදුක්ක, අරුක්වත්ත උතුර, 293/ 1 හි පදිංචි කේ.බී. ඩබ්ලිව්. එම්.එස්. අරණ්‍යා මතුපොළ නමැති මාස 1යි දින 23ක පමණ සිඟිත්තියක් බවයි සඳහන් වුණේ. මෙම කුඩා දරුවා මව සමග පෙර දින රාත්‍රියේ නිදාගෙන සිට ඇති අතර, පසුදින අලුයම දරුවා නිහඬව සිටීම සම්බන්ධයෙන් මව සොයා බැලීමේදී දරුවාගේ ඇඟ සීතල වී තිබූ බව මව පොලීසියට පවසා තිබෙනවා.

පේරාදෙණිය ළමා රෝහලේ 2024.09.24 දින උපත ලබා ඇති මෙම දරුවා, පිළිමතලාව ප්‍රදේශයේ මව සහ පියා සමඟ ජීවත්ව ඇති අතර, තම සැමියා සමඟ සිදු වූ ආරවුලක් මත ඉකුත් 11 වැනි දින සැමියාගේ මවුපියන් හා මෙම මව දරුවා සමඟ අරුක්වත්ත උතුර ප්‍රදේශයේ ඇයගේ නිවෙසට පැමිණ ඇති බවත්, මව එම වකවානුවේදී යම්කිසි ආතතියකින් නිවෙසේ කල් ගෙවා ඇති බවත් මවගේ ප්‍රකාශ අනුව තහවුරු වූ බව පොලීසිය සඳහන් කළා.

සිද්ධියෙන් පසු දරුවා පාදුක්ක රෝහලට රැගෙනවිත් ඇති අතර, එහිදී පාදුක්ක හදිසි මරණ පරීක්ෂක සුසන්ත ජයතුංග විසින් පරීක්ෂණ සිදු කිරීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා දරුවාගේ දේහය හෝමාගම රෝහලට යැවීමට නියෝග කර තිබෙනවා.

හෝමාගම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රණීත සෙනෙවිරත්න, මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව මවු කිරි පෙණහැල්ලේ සිරවීමෙන් මෙම මරණය සිදුව ඇති බවට නිගමනය කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads