Global Platform For All Sri Lankans

Australia Supermarket තුළ සිදුකළ සමික්ෂණ හෙළිදරව්ව

Australia Supermarketවල ඇති ඇසුරුම් රහිත පලතුරු සහ එළවළු බොහෝ විට ප්ලාස්ටික් ඇසුරුම් සහිත නිෂ්පාදනවලට වඩා මිල අධික බව සමාලෝචනයක් මගින් සොයාගෙන තිබෙනවා .

සුපිරි වෙළඳසැල්වල ප්ලාස්ටික් භාවිතය පිළිබඳ මෙම සමීක්ෂණය සිදු කොට ඇත්තේ ඕස්ට්‍රේලියානු සමුද්‍ර සංරක්ෂණ සංගමය (The Australian Marine Conservation Society ) විසිනුයි.

එමගින් ඕස්ට්‍රේලියානු පවුල් විසින් ඇසුරුම් නොකළ පලතුරු සහ එළවළු මිලදී ගැනීම සඳහා වසරකට ඩොලර් 155ක් වැඩිපුර වැය කරන බවත්, සුපිරි වෙළඳසැල් ප්ලාස්ටික් ඇසුරුම් සහිත නිෂ්පාදන සඳහා අඩු මුදලක් අය කරන බවත් හඳුනාගෙන ඇති අතර ඇසුරුම් රහිත අර්තාපල්, ඇසුරුම් බෑග් වලට වඩා 53%කින් වැඩි බවයි පවසන්නේ.

සමුද්‍ර සංරක්ෂණ සංගමයේ සාමාජිකා Cip Hamilton පවසන්නේ සාගර සහ ජල මාර්ග දූෂණය කිරීම, සාගර ජීවීන් මරා දැමීම ආදී ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණය යනු මිනිස් සෞඛ්‍යයට මෙන්ම මුළුමහත් සමාජයටම බලපාන පාරිසරික අර්බුදයක් බවයි.

ඇය වැඩිදුරටත් පවසන්නේ ඇසුරුම් අඩු කිරීමේ ඉලක්ක සපුරා ගැනීමේ ජාතික වැඩසටහනට මෙම සුපිරි වෙළඳසැල් ප්‍රමාණවත් ලෙස සහය ලබා නොදෙන බවත්, මෑත කාලීන පර්යේෂණවලින් ප්ලාස්ටික් නිෂ්පාදනය වැඩි වන විට ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණයද වැඩි වන බවත්ය.

Woolworths, Coles සහ Aldi විසින් ප්ලාස්ටික් ඇසුරුම්වල ඔතා ඇති නිෂ්පාදන වලට වඩා 70% කට වැඩි මුදලක් ඇසුරුම් නොකළ පලතුරු සහ එළවළු සඳහා අය කිරීම මගින් ඕස්ට්‍රේලියාවේ ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය වැඩි කිරීමට සහය වන බවද මෙම සමීක්ෂණයේ සඳහන් වේ.

තවද වෙළඳසැල් විසින් ඇසුරුම් රහිත පලතුරු සහ එළවළු මිලදී ගැනීමට පාරිභෝගිකයින් දිරිමත් කිරීම සඳහා තෝරාගත් වෙළඳසැල්වල කාඩ්බෝඩ් පෙට්ටි ඇසුරුම් භාවිතය අත්හදා බලමින් සිටින බවද එහි සඳහන්ය.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads