නියෝජ්‍ය අමාත්‍යවරු ඊයේ(21) දිවුරුම් දුන්නා..
මෙවර අමාත්‍ය මණ්ඩලය වගේම නියෝජ්‍ය අමාත්‍යවරු අතරත් විශේෂ වුණ කිහිපදෙනෙක්ම ඉන්නවා..
ඒ අනුව, ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබුවා.. මේ පිරිස අතර වෛද්‍යවරුන් 05 දෙනෙක් වෙනවා..
ඔවුන් අතර,
වෛද්‍ය නාමල් සුදර්ශන – කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයට
වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන – ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ධුරයට
වෛද්‍ය හංසක විජේමුණි- සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරයට
වෛද්‍ය මධුර සෙනෙවිරත්න – අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධුරයට
වෛද්‍ය සුසිල් රණසිංහ – ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ධුරයට
එසේම, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ධුරයත් මෙවර විශේෂත්වයක් ගෙන තිබෙනවා.
ඒ එම අමාත්‍ය ධුරය , හිටපු ක්‍රීඩකයෙකු වෙන සුගත් තිලකරත්න හට හිමි වීමයි.
ඒ අනුව , ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ඊයේ එම ධුරයේ දිවුරුම් දුන්නා.