Global Platform For All Sri Lankans

හිසකෙස් වර්ණ ගැන්වීමේ දී , අවදානමක් ?

 

ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ව්‍යාජ ආලේපන තොගයක් ව්‍යාපාරිකයන් තිදෙනෙකු සමඟ පිටකොටුව පැරණි නගර ශාලා ගොඩනැගිල්ලේ හා පීපල්ස් පාර්ක් හිදි අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

අත්අඩංගුවට ගනු ලැබූ ව්‍යාජ ආලේපන තොගය සහ ව්‍යාපාරිකයින් තිදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, මෙවැනි ව්‍යාජ නිෂ්පාදන සම්බන්ධව විමසිලිමත් වෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, පාරිභෝගික අධිකාරිය වෙළඳ පොළේ භාණ්ඩ පිළිබඳ ගැටලූවක් ඇත්නම් ඒ පිළිබඳව 1971 කෙටි දුරකතන අංකයට දැනුම් දෙන ලෙසත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

සම්මාදන්වලට නොරැවටෙන්නැයි ශ්‍රී පාදස්ථානාධිපතිගෙන් ඉල්ලීමක්

  ශ්‍රී පාදස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින් මුදල් රැස්කිරීමේ සංවිධානයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads