Global Platform For All Sri Lankans

Lanka Hit News

Search
Close this search box.

තීරණාත්මක දකුණු කොරියානු ජනපතිට එරෙහි දෙවන දෝෂාභියෝගය අද

දකුණු කොරියාවේ ජනපතිට (Yoon Suk Yeol) එරෙහි දෙවන දෝෂාභියෝගය අද (14) දින පැවැත්වෙන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා.

රටම කම්පනයට පත් කළ, ඔහුගේ ජනාධිපති ධුරය අනතුරේ හෙළූ සහ ඔහුගේම පක්ෂය දෙකඩ කළ පියවරක් වූ, යුද නීතිය පැනවීමට ගත් කෙටි කාලීන උත්සාහය සම්බන්ධයෙන් ඔහු දෙවන දෝෂාභියෝගයකට මුහුණ දෙනු ලබයි.

ජනපති යුන් ම තමන් පැන වූ යුද නීතිය ඉවත් කරගත් නමුත් එය රට ව්‍යවස්ථාමය අර්බුදයකට ඇද දැමූ නිසා, ජනපතිවරයාම රටේ නීතිය කඩ කළ පදනම මත ඔහුට ඉල්ලා අස්වන ලෙස විපක්ෂය ඇතුළු බොහෝ දෙනාගේ පුළුල් ඉල්ලීම් ඉදිරිපත් වුවා.

පසුව ජනපති යූන් ජාතියෙන් සමාව අයැද සිටියේ එම පියවර රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමක් ලෙස ගත් ආරක්ෂක පියවරක් බවට පවසමින්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads