Global Platform For All Sri Lankans

Lanka Hit News

සුනාමි ව්‍යසනයට වසර 20ක් සපිරෙන හෙට විනාඩි 02ක නිහඩතාව සුරකින්නැයි ඉල්ලීමක්

 

සුනාමි ව්‍යසනය සිදුවී වසර 20 ක් සපිරෙන හෙට(26) දිනයේ උදෑසන 9.25 සිට විනාඩි 02 ක කාලයක් නිශ්ශබ්දතාවය සුරකින ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

2004 වසරේ දෙසැම්බර් 26 වනදා සිදුවූ මෙම ව්‍යසනයෙන් මෙරට 35,000 කට අධික පිරිසක් මියගොස් 5000 කට වැඩි පිරිසක් අතුරුදන් වුණා.

මේ අනුව, හෙටට යෙදී ඇති ජාතික සුරක්ෂිතතා දිනයේ ප්‍රධාන සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ආපදා කළමණාකරණ අංශ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින්ද සමරු වැඩසටහන් සංවිධානය කර ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය අතර යුද ගිනි ඇවිලෙයි

අද උදෑසන එනම් නත්තල් උදාව සමග ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් ත්‍රස්තයින් සැඟවී සිටින බවට සැක කෙරෙන ස්ථාන ඉලක්ක කරගනිමින් පාකිස්තානය ගුවන් ප්‍රහාර

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads