Global Platform For All Sri Lankans

Lanka Hit News

සූර් වෙලා වාහන පැද්දොත් ලයිසන් නැතිවෙයි ඔන්න

සෑම විටෙකම බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියැදුරන්ගේ රියැදුරු බලපත්‍ර මාස 12ක කාලයක් සඳහා අත්හිටුවීමට හෝ රියැදුරු බලපත්‍රය අවලංගු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා

මේ අතර ගතවූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ රියැදුරන් 395ක් දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා

පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ, අපරීක්ෂාකාරි හා අන්තරාදායක ලෙස රිය ධාවනය කිරීම නිසා රියැදුරන් 50 දෙනෙකු එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ඇති බව ත් අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් රියැදුරන් 120 දෙනෙකුට සහ මාර්ග නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රියැදුරන් 1,262කට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා. එමෙන්ම, බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් රියැදුරන් 682ක් සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියැදුරන් 5,441කට නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

ඊට අනුව, සමස්ත රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියැදුරන් 7,950කට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads