පසුගිය වසරේදි මෙරට පුද්ගලයන් 7,144 දෙනෙකු ඇස් දන් දී ඇතැයි ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති සම්පත් ද සිල්වා සදහන් කළේ එමගින් අක්ෂි ආබාධිත විදේශිකයින් 3,163 දෙනෙකුට හා දේශීය 1475 දෙනෙකුටද පසුගිය වසරේදී ඇස් පරිත්‍යාග කිරීමට හැකියාව ලැබුණු බවයි.
ලාංකිකයින් ලබාදුන් ඇස්වලින් ලොව දකින්නට වරම් හිමිකරගත් පිරිස අතර යේමනය, ඊජිප්තුව, කෙන්යාව, ජපානය ඇතුළු විදෙස් රටවල් 57ක දෘශ්‍යාබාධිත පුද්ගලයින් සිටීමත් විශේෂත්වයක්.
එක් ඇසක් සංරක්ෂණය කිරීමට රුපියල් 25,000ක පමණ මුදලක් වැය වන බවයි අක්ෂිදාන සංගයේ සභාපති සම්පත් ද සිල්වා සදහන් කළේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
”මරණයෙන් පසු නිවසට හෝ රෝහලට පැමිණ ඇස් කුනීත ලබාගන්නවා. විශේෂ ද්‍රාවණයක බහා රැගෙන යනවා. සම්පූර්ණයෙන්ම නොමිලේ කරන්නේ. පටක
බැංකුවටත් පටක දන්දී තිබෙනවා පසුගිය වසරේ. රෝගීන් 956 දෙනෙකු එමගින් අපි සුව කළා. සමස්තයක් ලෙස 13,000කට සෙත සැලසුණා. අපේ මූලස්ථානයට
හෝ ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණ පොරොන්දු පත්‍ර ලියාපදිංචි කළ හැකියි.www. eyedonation.lk ඔස්සේත් ලියාපදිංචි විය හැකියි. මේ වසරේ ලක්ෂ 25ක් ඉලක්කයයි.”