පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දිළිඳු පවුල් සවිබල ගැන්වීම් පිළිබඳ අදාළ රාජ්‍ය ආයතන නිලධාරීන් දැනුවත් කිරීම හෙට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආරම්භ වීමට නියමිතයි. ඉදිරි වසර පහ තුළ දිළිඳු පවුල් ලක්ෂ විස්සක් සවි බල ගැන්වීම රජයේ ඉලක්කය බව අමාත්‍ය අචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසා සිටියා. එසේම අස්වැසුම ප්‍රතිලාභ ලබන දිළිඳු පවුල් මෙන්ම අනෙකුත් දිළිඳු පවුල් සවිබල ගැන්වීම පිළිබඳ රජයේ විශේෂ අවධානය යොමු කරන බවයි ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේ.
Author: Lanka Hit News
Post Views: 2