Global Platform For All Sri Lankans

Lanka Hit News

2025 වසරේ පළමු විදුලි ගාස්තු සංශෝධනය හෙට

 

2025 වසරේ පළමු භාගය සඳහා වන විදුලි ගාස්තු සංශෝධනය හෙට (17) මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් ලබා ගැනීම පසුගිය 10 වැනිදා අවසන් වුනා.

ඒ අනුව, බස්නාහිර පළාතේ මහජන අදහස් ලබා ගැනීම සිදු වූයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදීයි.

විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් ලබා ගැනීම පසුගිය දෙසැම්බර් මාසයේදී මධ්‍යම පළාතෙන් ආරම්භ වූ අතර පසුව එය සෙසු පළාත්වලද ක්‍රියාත්මක කිරීමටයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කළේ.

මහජන උපදේශනයේදී ඉදිරිපත් කෙරෙන අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගෙන මේ වසරේ මුල් මාස 06 සදහා බලාත්මක වන විදුලි ගාස්තු පිළිබද අවසන් තීරණය ලබන 17 වන සිකුරාදා ප්‍රකාශයට පත් කරන බව එම කොමිෂන් සභාව පසුගියදා සඳහන් කළා.

කෙසේ වෙතත්, විදුලි බිල අඩු කිරීම කඩිනමින් සිදුකළ නොහැකි බවයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads