අද (17) පස්වරුවේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවනු ඇති බවත්, හෙට (18) සහ අනිද්දා (19) දිනවල දුම්රිය ගමන්වාරවල ප්‍රමාදයක් සිදුවිය හැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම සහ රියදුරන්ගේ හිඟය හේතුවෙන් බවටයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ අතර අද (17) උදෑසන ද කෙටි දුරගමන් සේවා දුම්රිය කිහිපයක දුම්රිය ගමන්වාර 10ක් පමණ අවලංගු කිරීමට සිදුව තිබුණා.
කෙසේ නමුත් කළින් ආසන වෙන් කළ දුම්රියයන් මෙන්ම රාත්‍රී තැපැල් දුම්රියයන් සඳහා මෙමගින් බාධාවක් මතු නොවන බවටයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
දුම්රිය රියදුරු ශ්‍රේණි උසස් කිරීම සඳහා වන විභාගය එළඹෙන 19 වන ඉරිදා පැවැත්වෙන අතර ඒ සඳහා රියදුරන් 80ක් පමණ පෙනී සිටීමට නියමිත බවත් වාර්තා වනවා.