Global Platform For All Sri Lankans

Lanka Hit News

චීන සංචාරය නිමකරමින් ජනපති අනුර යළිත් මෙරටට

 

සිව් දින නිල සංචාරය සදහා මෙරටින් චීන රාජ්‍ය වෙත පිටත්ව ගිය ජනපති අනුර කුමාර දිසානායක එම සංචාරය අවසන් කරමින් මීට ටික වේලාවකට පෙර නැවත දිවයිනට පැමිණි බව වාර්තා වෙනවා.

සිව් දින නිල සංචාරයක් සඳහා ජනපති අනුර කුමාර දිසානායන දිවයිනෙන් පිටත්ව යනු ලැබුවේ පසුගිය 14 වැනිදායි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි අතර හමුවක්ද සිදු කෙරුණා.

එමෙන්ම, නාධිපතිවරයා එරට ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවලට එක්වුණා.

සංචාරයේ අවසන් දිනය සනිටුහන් කරමින්, ජනාධිපතිවරයා චීනයේ සිචුවාන් හි චෙන්ග්ඩු ප්‍රදේශයේ පිහිටි ඩොංෆැන්ග් විදුලි සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවකට ද, බිම් මට්ටමේ තිරසාර සංවර්ධනය තුළින් ග්‍රාමීය පුනර්ජීවනය නිරූපණය කරන ෂැන් කි ආදර්ශ ගම්මානය සහ ජාතික විද්‍යා, තාක්ෂණ හා කෘෂිකර්ම මධ්‍යස්ථානය නැරඹීමට ද එක්වුණා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads