විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේනගේ නමට ඇතුළත් කර තිබූ ‘මහාචාර්ය’ පදවිය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
අමාත්‍යවරයාගේ ඉල්ලීමක් මත ඊයේ මෙම වෙනස සිදු කළ බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මෙහිදී පවසා ඇත්තේ ‘මහාචාර්ය’ යන පදවිය දැරුවද, ඔහු දැනට විශ්වවිද්‍යාල සේවයේ නොසිටින බැවින් එය භාවිතා කිරීමට අකමැති බවයි.
මේ අතර, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ නමට ඇතුළත් කර තිබූ ‘ආචාර්ය’ යන මාතෘකාව ද අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව මෑතකදී පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කෙරුණා.
මේ සම්බන්ධයෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ද ගොනු කර ඇති අතර, මේ සම්බන්ධයෙන් දැනට පරීක්ෂණයක් සිදුවෙමින් පවතිනවා.
Author: Lanka Hit News
Post Views: 1