මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට රුපියල් මිලියන 50ක ශරීර ඇප දෙකක් යටතේ ඇප හිමිව තිබෙනවා.
ඒ ඔහු අද(27) කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
පෙරේදා බෙලිඅත්ත ප්රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත්වරිය නියෝග කරනු ලැබුවා.
ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් යෝෂිත රාජපක්ෂ අධිකරණයට රැගෙන එනු ලැබුවා.
මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ඇතුළු රජයේ නීතිඥවරු පිරිසක් පෙනී සිටියා.
Author: Lanka Hit News
Post Views: 28