බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ ඉන්දු පැසිෆික් කලාපය සඳහා විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාල අමාත්‍යවරිය වන කැතරින් වෙස්ට් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී තිබෙනවා.
ඒ, අද (28) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී යි.
දරිද්‍රතාවය තුරන් කිරීම, ප්‍රාදේශීය සංවර්ධනය සහ ආර්ථික සමානාත්මතාවය ඇතුළු රජයේ ප්‍රමුඛතා ප්‍රශ්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන මුලපිරීම් සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳව ද එහිදී අදහස් හුවමාරු කරගෙන තිබෙන බවද සඳහන් වනවා.
Author: Lanka Hit News
Post Views: 3