Global Platform For All Sri Lankans

චිකාගෝ ක්‍රමේ අපරාධ නැති කරන්න හැම උත්සාහයක්ම ගත්තා ඒත් හැම තැනම ගිනි අවි

deshabandu-speaks

අතුරුගිරියේ සිදුවූ පාතාල ඝාතනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (9) දින මාධ්‍ය වෙත අදහස් පළ කළේය. ඔහු මෙසේ කීය.

 “ඊයේ දිනයේ වෙඩි තැබීමත් සමඟ මේ කේ පී අයි. යන නාමය සම්බන්ධයෙන් කතාවක් තියනවා. අකුරු සඳහන් කළේ සංවිධානාත්මක අපරාධකරුවා මේ අපරාධයට සම්බන්ධ බවට යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න වෙන්නත් පුළුවන් ‍එහෙම නැතිව නොමග යවන්න වෙන්නත් පුළුවන්. නමුත් පොලිස් විමර්ශන ඊට එහා ඉලක්කයකට දුර යනවා. හේතුව ඕන පුද්ගලයකුට පුළුවන් අපරාධයක් සිදුකළත් එකට අහවල් පුද්ගලයා සම්බන්ධයි කියලා  ඇඟවෙන විදිහේ වගේ දේවල් කරන්න නිසා ඒකත් අපි ඔළුවේ තියාගෙන. නමුත් විමර්ශන එතැනින් සීමා කරන්නේ නෑ.

දැන් මේ වෙන කොට පොලිසිය විසින් කරන ලද විමර්ශනවලදී  කාගේ අවශ්යතාවක් නිසාද කාරණාව සහ කුමන හේතුවක් නිසාද කාරණා සම්බන්ධව විමර්ශකයන් අවධාන යොමු කරනවා.
මේ අපරාධය විසදලා අපරාධකරුවන්ව නීතියේ රැහැනට හසුකර ගන්න පොලිසියට ඉක්මනින් පුලුවන්වෙයි.
චිකාගෝ ක්‍රමේ අපරාධ ගැන පොලිසියට චෝදනාවක් තියෙනවා.
අපි පැහැදිලිව මත්ද්රව්ය සහ පාතාලය නැති කිරීම සඳහා දීපව්යාප්ත මෙහෙයුමක් ආරම්භ කරලා තියෙන්නේ ඔවැනි තත්ත්වයක්.

රට තුළ තිබිච්ච නිසා ඔබ දන්නවා එක දවසට හත් අට පොලක වෙඩි තියල මරපු එහෙම නැත්නම් මාසෙකට දහ දොළොස් පළක මරපු තත්වයක් මේ රටේ තිබ්බ ඒක අපේ සියල්ලටම පෙර දැකලා තියෙනවා. එ්වා දැකලා තමයි අපි මේ මෙහෙයුම ආරම්භ කළේ.

මේ වගේ ස්වයංක්රීය ආයුධ පාවිච්චි කරලා අපරාධයක් සිද්ධ වුණේ  කොහොමද  මොකද හේතුව නීතිවිරෝධී ගිනි අවි විශාල සංඛ්යාවක් සමාජයේ සංසරණ වෙනවා. ඒ නිසා අපි මේ යුක්තිය මෙහෙයුමේදී මේ දැන් ආරම්භ කරලා තියෙන පියවරේ දී දැඩි අවධානයක් යොමු කරනවා මෙරට තුළ ගැවසෙන නීතිවිරෝධී ගිනි අවි අතට ගන්න විශේෂයෙන්ම බලාපොරොත්තුවෙන් පසුගිය මාස 6 තුල අල්ල ගත්තු අවි සම්බන්ධව මාධ්යවේදීන් ඒවා ප්රදර්ශනය කරලා දැනුවත් කිරීමක් මේ ඉදිරි සති කීපය තුළ කරනවා.”



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

කුසල් මෙන්ඩිස්ට සිය ස්ථානය අහිමි වෙන ලකුණු !?

එළබෙන නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කිරීමට නියමිත බව ක්‍රිකට්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads