Global Platform For All Sri Lankans

ඝාතනයට සැකපිට ටැටූ හිමිකරුගේ ‘ගමේ සෙට් එක’ 6 ක් අත්අඩංගුවට

tatoo-dulan-sanjula

ක්ලබ් වසන්ත වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ටැටූ සාප්පුවේ හිමිකරු ඊයේ දිනයේ අත්අඩංගුවට පත්වූ අතර පොලිසිය පවසන්නේ තවත් 06 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බවය.වෙඩිතැබීමට වාහන සැපයූ පුද්ගලයන් සහ ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයන් ලෙස නම්කර ඇති මේ අය දකුණු පළාතේ බලපිටිය, බෙලි අත්ත ආශ්‍රිත අය බව පැවසිණි. ටැටූ සාප්පු හිමිකරු දුලාන් සංජුල නමැත්තාද බලපිටියේ අයෙකි. වාර්තාවන ආකාරයට මෙම ටැටූ සාප්පුව නිර්මාණය කර ඇත්තේද ඝාතනය සිදුකරන්නටය.

දුලාන් සංජුල මෙම ඝාතනය සිදුවන අවස්ථාවේ කිසිවක් නොදන්නා ආකාරයට හැසිරුණ අතර ‘අයියේ මේ මොකද වුනේ’ යයි බොරුවට හඩමින් වැලපෙමින් සිටියදී පොලිසියේ සැකයට භාජනය වීමෙන් අත්අඩංගුවට පත්විය. සීසීටීවී දර්ශන අනුව දුලාන් සංජුලගේ සහෝදරයා යයි කියන අයද බැල්කනියේ සිට ඔත්තු බැලූ බව හඳුනාගන්නට ලැබේ.

මෙම සාප්පුව ඉතා සාමාන්‍ය එකකි. ටැටූ හිමිකරු සිය උත්සව දිනයේ විශේෂත්වයටක් පෙන්වූයේද නැත. ඇඳ සිටියේ රතුපැහැති කලිසමක් හා කොට කලිසමකි.

ඔහුගේ දැන් පොලිසිය සිදුකරන ප්‍රශ්න කිරීම් අනුව ඔහු ඝාතන සැලසුමට සම්බන්ධිත බව පැහැදිලිය. ඔහු ටැටූ ශිල්පය හදාරා ඇතිමුත් සාප්පුවක් අරින්ට හැකියාවක් නැතිව තිබියදී පාතාල සාමාජිකයෙකු රුපියල් ලක්ෂ 16 ක් ලබාදී මෙම සාප්පුව පිහිටුයා ව්‍යාපාර අරඹන්නට උදව් කර ඇති අතර එසේ කර ඇත්තේ මේ සඳහා ක්ලබ් වසන්ත ගෙන්වා ඝාතනය කිරීමේ පූර්ව සැලසුමකට අනුව බව පොලිසිය පවසයි.

 මෙම ඝාතනය මාස 03ක කාලයක සිට සැලසුම් සකස් කර ඇති බවත් ටැටූ සාප්පු හිමිකාර දුලාන් සංජුල සමාජ මාධය ඔස්සේ ක්ලබ් වසන්ත සමග වරින්වර අදහස් හුවමාරු කරගනිමින් මිත්‍රත්වයක් ගෙඩනගාගෙන ඇති බවත් පැවසිණි. කෙසේ වෙතත් ඔහු ඊයේ ලබාදුන් පාපොච්චාරණය අනුව තමාට මුදල් දුන් අය කී පරිදි සාප්පුවක් අරින්නට වෙහෙසුණ බව හා එය විවෘත කරන්නට ක්ලබ් වසන්තට ඇරයුම් කළා විනා ඔහු ඝාතනය කිරීමේ සැලසුමක් තමා දැන සිටියේ නැති බවයි.
නමුත් පොලිසිය දැන් සැකකරන්නේ මෙම ඝාතනයට අදාළව ආධාර අනුබල සැපයූ රැසක්ම මෙම දුලාන් සංජුලගේ ගමේ අයවීම නිසා ඔහු මෙම ගාතනය සැලසුම් කරන්නට විශාල දායකත්වයක් සැපයූ අයකු බවයි.
මෙම සාප්පුව විවෘත කරන්නට අවශ්‍ය කලමණා සඳහා පළමු වාරිකය රුපියල් ලක්ෂ 10ක මුදලක් සිය බැංකු ගිණුමට ලැබුණ බවත් ටාටූ සාප්පු හිමිකරු පවසා ඇත.

එම මුදල් මෙම පුද්ගලයාට සිය ආයතනය වෙනුවෙන් ලැබුණාද නැතහොත් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව සඳහා අත්තිකාරමක් ලෙස ලැබුණාද යන්න පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඝාතකනයෙන් පසු මෝටර් රථයේ පැමිණි පිරිස වෙනත් වෑන් රථයකින් කොරතොට සිට පළාගොස් තිබූ අතර එම වෑන් රථයද ඊයේ රාත්‍රියේදීම බුලත්සිංහල, දෙල්මැල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක හැර දමාගොස් තිබියදී හමුවිය.
එහි අංක තහඩු ද අපරාධකරුවන් ගලාවාගෙන ගොස් ඇති අතර පොලිස් නිල සුනඛයෙකු යොදාගනිමින් එහි විමර්ශන දියත් කෙරුණි.
එහිදී අනාවරණය වී ඇත්තේ, වෑන් රථයේ සිටි පිරිස රත්නපුර අයගම ප්‍රදේශය දෙසට පළාගොස් තිබූ බවය.
එමෙන්ම වෑන් රථයේ තිබී අත්ල සටහන් 6ක් සහ ඇඟිලි සලකුණු 2ක් පොලීසිය සොයාගෙන තිබේ.
වෑන් රථයේ ඉදිරි වම්පැත්තේ රෝදය අසල බඳෙහි තිබී බෙලිඅත්ත ප්‍රදේශයේ නම සඳහන් මුද්‍රා සටහනක් පොලීසිය සොයාගෙන ඇති අතර ඒ අනුව සැකකරේ වෑන් රථයව බෙලිඅත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් වූවක් බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර මේ වනවිට තවත් 6 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත.
එම 6 දෙනාගෙන් තිදෙනෙකුම බෙලිඅත්තේ පදිංචිකරුවන්ය.

විමර්ශනවලදී මේවන විට අනාවරණය වී ඇත්තේ,
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරිමේ මෙහෙයුම ඩුබායීහී
සැඟව සිටින ලොකු පැටී හා ගොනා කෝවිලේ ශාන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනා
සෘජුවම එක්වී සැලසුම් කර ඇති බවය. ටැටූ හිමිකරුට මුදල් ලබාදී ඇත්තේ ඔවුන්ය.
කංජිපානි ඉම්රාන් නැමති අපරාධකරුගේ සෘජු
සබඳතාවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඔහු පිළිබඳව සැක පළකරන්නේ වෙඩිතැබීම
සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් පතොරම් කොපුවල සටහන් කර තිබූ KPI යන කෙටි
යෙදුම හේතුවෙනි.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

කුසල් මෙන්ඩිස්ට සිය ස්ථානය අහිමි වෙන ලකුණු !?

එළබෙන නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කිරීමට නියමිත බව ක්‍රිකට්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads