Global Platform For All Sri Lankans

සමාගම් පනත යටතේ ලියාපදිංචි සියලු සමාගම් වලට නැවත ලියාපදිංචි වෙන්න රජය දන්වයි

private-company-re-registered

ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය ලබාගත් තීරණයක් අනුව 2007 සමාගම් පනත යටතේ ලියාපදිංචිව සිටින ලක්ෂ 2 කට ආසන්න සියලු සමාගම් නැවත ලියාපදිංචි කරවන ලෙස රජය දන්වා ඇත. මෙයට හේතුවී ඇත්තේ සක්‍රීය සමාගම් හඳුනාගැනීමට එකී පනත යටතේ රජයට ක්‍රමයක් නොවීමය.

මේ පිළිබඳ කැබිනට් සන්දේශයේ මෙසේ සටහන් වේ.

“2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද හෝ ලියාපදිංචි කරන ලද සමාගම් නැවත ලියාපදිංචි කිරීම සඳහා විධිවිධාන සැලසීම පිණිස විශේෂ විධිවිධාන පනතක් හඳුන්වා දීම
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සමාගම් වලට අදාළ ක්‍රියාපටිපාටි, මෙහෙයුම් සහ වෙනත් අවශ්‍යතා 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ දැක්වෙන අතර, 2024-03-31 දින වන විට එම පනත යටතේ සංස්ථාපනය කර හෝ ලියාපදිංචි කර ඇති සමාගම් සංඛ්‍යාව ආසන්න වශයෙන් 199,484 ක් පමණ වේ.

මේ වන විට එකී පනත යටතේ සංස්ථාපනය හෝ ලියාපදිංචි කර ඇති සමාගම් අතුරින්, සක්‍රීය තත්ත්වයේ පවතින සමාගම් ප්‍රමාණය හඳුනා ගැනීම සඳහා දැනට පවතින පනතෙහි ප්‍රතිපාදන නොමැති බැවින්, ඒ සඳහා නව නීතියක් පැනවීම යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව, 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද හෝ ලියාපදිංචි කරන ලද සමාගම් නැවත ලියාපදිංචි කිරීමට විධිවිධාන සැලසීම සඳහා නව නීතියක් හඳුන්වා දීමටත්, ඒ සඳහා සකස් කරනු ලැබ ඇති සංකල්ප පත්‍රිකාව මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.”



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads