Global Platform For All Sri Lankans

බොරුවට ඇඬූ දුලාන්ගේ නංගී යොමානා කෞෂධීත් තුවාල සහිතව රෝහලේ

Dulans sister Yomana Kaushadee who cried falsely is also in the hospital with injuries

 අතුරුගිරියේදී සඳුදා උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් “ක්ලබ් වසන්ත” සහ කේ. සුජීවාගේ සැමියා නයන වාසුල විජේසූරිය මියගියහ.
තුවාල ලද ඉතිරි හතර දෙනාගෙන් තිදෙනෙකුම කාන්තාවන්ය. ඒ අය වන්නේ ගායිකා කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිය මැණික් විජේවර්ධන හා යොමානා කෞෂධීය.
පාදයකට වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ කේ.සුජීවා කොළඹ ජාතික රෝහලේ දී ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර ඇය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
පපුවට වෙඩි වැදී තිබුණ ක්ලබ් වසන්තගේ බිරිඳ මැනික් විජේවර්ධන හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට මාරුකර යවා ඇති අතර දැඩිසත්කාර ලබමින් තවම බරපතල තත්වයේ පසුවේ.

මීට අමතරව රෝහල් ගතව සිටි කාන්තාව ‘යොමානා කෞෂධී’ ය.
 ‘යොමානා කෞෂධී’ යනු වෙනත් කිසිවෙකු නොව මේ වනවිට ඝාතන සැලසුමට සෘජුවම දායකවූ බවට පිළිගෙන ඇති ටැටූ සාප්පුවේ හිමිකරු දුලාන් සන්ජුලගේ නැගණියයි.
දුලාන් සන්ජුලගේ මළනුවන් ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සාප්පුවේ දොර අසළ එලියේ සිටගෙන සිටින අතර ඔහු මෙම සිදුවීමට අදාළව ඔත්තු සැපයූ‍දැයි සැකයට පොලිස් ප්‍රශ්න කිරීමට ලක්ව තිබේ.
මෙම ප්‍රහාරයේදී සීරීම් තුවාලයක් හෝ නොලද දුලාන් සංජුලගේ මව සහ මල්ලී සිද්ධියෙන් අනතුරුව හඬමින් රෝහල වෙත ගොස් සිටි අයුරු වීඩියෝ රූප රාමුවල දැක්වේ.දුලාන් සංජුලද කාන්තාවකගේ ආධාරයෙන් හඬමින් ගමන් කළ අතර ඔහු ව්‍යාජ රඟපෑමක නිරත විය.
දුලාන්ගේ නැගණිය ‘යොමානා කෞෂධී’ ශල්‍යකර්මයකට භාජනය කොට මේ වන විටත් හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබමින් සිටින බව ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා තිබේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads