Global Platform For All Sri Lankans

රාජගිරිය දොස්තර නිවෙසින් ලක්ෂ 50ක බඩු උස්සලා

rajagiriya-theft

වැලිකඩ, රාජගිරිය ප්‍රදේශයේ වෛද්‍යවරයකුට අයත් නිවසක රාජකාරියේ යොදවා සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු රුපියල් ලක්ෂ 50 කට ආසන්න රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

සැකකරු සමග සොරකම් කර තිබූ රන් ආභරණ හා විදෙස් මුදල් ඇතුළු දේපළ රැසක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 370 ක්ද සමග වැලිකඩ ප්‍රදේශයේ බෝඩිම් කාමරයක දී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

රජයේ රෝහලක සේවයේ යෙදී සිටින වෛද්‍යවරයාට අයත් නිවසට රාජකාරී හේතූන් මත සතියකට එක් වතාවක් පමණක් පැමිණීමට හැකියාව ඇති බැවින් නිවසේ හා දේපළ ආරක්ෂාව සම්බන්ධයෙන් සිතූ වෛද්‍යවරයා කොළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික ආරක්ෂක ආයතනයකින් ආරක්ෂක නිලධාරිවරයකු තම නිවසේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇත. ආරක්ෂක නිලධාරීවරයා නිවසට පැමිණ මාසයක් පමණ ගතවන විට වෛද්‍යවරයාට තම නිවසේ ඇති වටිනා දේපළ අඩු වෙමින් පවතින බවට සැකයක් මතු වී ඇති බවත් ඊට ටික දිනකට පසුව ආරක්ෂකයා නිවසින් පිටව ගොස් නැවත පැමිණ නැති බවත්

ඒ අනුව ඔහු ගැන සැකසිතූ වෛද්‍යවරයා මේ පිළිබඳව වැලිකඩ පොලිස් ස්ථානයට හා නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පැමිණිල්ලක් සිදුකර තිබූ බවත් පොලිසිය පවසයි.

ඒ අනුව විමර්ශන කටයුතු ආරම්භ කළ නුගේගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් සැකකරු සොයමින් සිටියදී සිද්ධියට අදාළ සැකකාර පුද්ගලයා වැලිකඩ ප්‍රදේශයේ සැරිසරන බවට පොලිස් සැරයන් (69080) ප්‍රමිල විජේරත්න මහතාට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන සොරකම් කර තිබූ විදෙස් මුදල්, රන් ආභරණ, ටැබ් යන්ත්‍රයක්, අඔරලෝසු, අත් පලඳනා, ජංගම දුරකතනයක් ඇතුළු රුපියල් ලක්ෂ පනහකට ආසන්න සොරකම් කර තිබූ දේපළ රැසක් සොයා ගැනීමට හැකි වූ බවත් පොලිසිය පවසයි.අත්අඩංගුවට  පත් සැකකාර ආරක්ෂක නිලධාරියා තංගල්ල අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි (27) වැනි වියේ පසුවන අයකු බවත් පොලිසිය පැවසීය. අත්අඩංගුවේ පසුවන සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads