Global Platform For All Sri Lankans

ඊළග ජනාධිපතිවරයා කළුතර දිස්ත්‍රික්කයෙන්

kumara-welgama-speaks

කළුතර දිස්ත්‍රික්කයෙහි පසුගිය ජූලි 07 වැනිදා රැස්වීමක් පවත්වා කළ අපහාසය නිසා මීළඟ ජනාධිපති කළුතර දිස්ත්‍රිකයෙන් පත් කර ගැනීමට නව ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.පාර්ලිමේන්තුවේ ඊයේ(10දා) පැවති විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ සභාවේදී කිව්වා එතුමාට මේ පාලනය හර්යට ගෙනියන්න නම් එංගලන්තයේ මහ බැංකුව කඩන්න සිදු වෙන බව. අපි ඔය පැත්තේ ඉන්නකොට අපි තමයි කෑ ගැහුවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මහ බැංකුව කැඩුවා කියලා.

මම කියන්නේ නෑ ඔක්කෝම හොඳයි කියලා. අපි ඔක්කොම හොරු. හිටපු ඇමතිවරු, ජනාධිපතිවරු සියල්ල මාටියා පාර ගහලා තියෙනවා. එදා වේදිකාවේ හිටියා විශාල පිරිසක්. මහින්ද රාජපක්ෂ මහත්මයා මගේ හදවතේ නායකයා. එතුමාට මම ගෞරව කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නඩු තීන්දුවක් දුන්නා මේ ආර්ථිකය නැති කළේ රාජපක්ෂලා තුන්දෙනෙක් කියලා. ඒ තුන්දෙනත් හිටියා. ඒ වගේම එංගලන්තේ රෝහල්වල කුණු විසිකරන්න තැනක් නැතිව ලංකාවේ ව්‍යාපාරිකයෙකුට දුන්නා. එයා ඒ කුණු මේ ලංකාවට ගෙනාවා. ඒ වගේ මිනිස්සුත් හිටියා ඉස්සරහා.තව හොඳ මහත්වරුත් හිටියා. ඊට පස්සේ රෝහිත අබේගුණවර්ධන මහත්මයා හිටියා. අපේ ජනාධිපතිතුමා කියනවා රත්තරන්ගෙන් අවසරයි කියලා. ඒකේ දාලා තිබ්බ කමෙන්ට්ස් බලන්න. හොරු ඔක්කොම එකතු වෙලා කියලා.

රත්තරන් කියලා හොරෙක් කළුතර දිස්ත්‍රික්කයේ හිටියා. මේ රත්තරන් නෙවෙයි.

මාල කඩපු හොරෙක් හිටියා කියලා එස්.බී.දිසානායක මහත්තයත් දවසක් කිව්වා. ඉතින් අපට මතක් වෙන්නේ අර හොරා. ඒ වගේ හොරු කණ්ඩායමක්ද මේකේ ඉස්සරහා හිටියේ? මේ අයද ඊළඟට රට පාලනය කරන්න යන්නේ? මේක කාටත් පොදුයි. අපේ අනුර කුමාර දිසානායක මහත්මයාටත් මම කියනවා. ඔබතුමාටත් පොදුයි. මේක මේ අපේ දියසෙන් කුමාරයා, සජිත් ප්‍රේමදාස විපක්ෂනායක තුමාටත් පොදුයි. මේ රට පාලනය කරනවා නම්, කරුණාකරලා කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් හොරුන් ගාවගන්න එපා.

මැතිවරණය එනකොට බලන්න ඔක්කෝම වේදිකාවල ඉන්නේ හොරු. මේ වගේ අයත් එක්ක මේ රට ගෙනියන්න බෑ. කළුතර දිස්ත්‍රික්කයේ ඉඳන් අපිට ලොකු අපහාසයක් කළේ. මගේ නම් එකම අරමුණ ලබන පාර මේ හොරුත් එක්ක ගමන යන නායකයෝ ඉන්නවා නම් ඒ නායකයන් පන්නන්න නව ලංකා නිදහස් පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට නෑකම් කියන හොඳ මහත්මයෙක් අපි දානවා මේ හොරකම් නතර කරන්න. කළුතර දිස්ත්‍රික්කයට අපහාස කළ නිසා ඊළඟ ජනාධිපතිවරයා කළුතර දිස්ත්‍රික්කයෙන් පත්වෙයි කියලා මම කියනවා.”
දිනේෂ් සමරකෝන්



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads