Global Platform For All Sri Lankans

කොළොන්න වැවි­ලි­කරු ඝාත­නයේ වෙඩි­ක්ක­රුවෝ දෙදෙනා මිද්දෙ­ණි­යේදී STF දැලේ

කොළොන්න උල්ලි­ඳු­වාව අප්ට­න්ව­ත්තේදී ඉඩම් හිමි වැවි­ලි­ක­රු­වකු වන එච්. කුමා­ර­සේන (61) නමැති අයට ඔහුගේ නිවෙ­සට පැමිණ වෙඩි තබා ඝාත­නය කර පලා­ගිය වෙඩි­ක්ක­රු­වන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළ­කාය විසින් පෙරේදා (11) මිද්දෙ­ණි­යේදී අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

විදෙ­ස්ග­තව සිටින පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වකු වන රොටුඹ
අමිල දුන් රුපි­යල් ලක්ෂ 20ක කොන්ත්‍රා­ත්තු­ව­කට අනුව මේ ඝාත­නය සිදු කළ
බව අත්අ­ඩං­ගු­වට ගත් වෙඩි­ක්ක­රු­වන් දෙදෙනා පව­සන බව පොලිස් විශේෂ කාර්ය
බළ­කාය සඳ­හන් කළේය.

එහෙත් මොවුන් දෙදෙ­නාට ලැබී ඇත්තේ රුපි­යල් ලක්ෂ 2ක
මුද­ලක් පම­ණක් බවක් බවද අනා­ව­ර­ණය වී තිබේ. ඉතිරි මුද­ලට සරි­ලන ලෙස දී
ඇත්තේ හෙරො­යින් ග්‍රෑ. 100කි. ඒ හෙරො­යින් විකුණා මුදල් කර­ගන්නා ලෙස
රොටුඹ අමිල පවසා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළ­කායේ තොර­තුරු සඳ­හන් කළේය.
වෙඩි තැබී­මට යොදා­ගත් බව කියන ගල්ක­ටස් අවි දෙකක්ද පොලිස් විශේෂ කාර්ය
බළ­කාය විසින් සොයා­ගෙන ඇත.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් දෙදෙනා ‘කැලෑ මහින්ද’ සහ ‘තේක්ක
සුද්දා’ නමින් හඳු­න්වන අය බවත්, ඔවුන් දෙදෙනා අඟු­ණ­කො­ළ­පැ­ලැස්ස
බන්ධ­නා­ගා­රයේ රිමාන්ඩ් සිර­ක­රු­වන් ලෙස සිට ඇප මත පැමිණ මාස එක­හ­මා­රක්
වන බවත් පොලිස් විශේෂ කාර්ය බළ­කාය කියයි. මේ සැක­ක­රු­වන් දෙදෙනා මෙයට
පෙර ගිනි අවි භාවිත කර­මින් මිනිස් ඝාත­න­වල යෙදී නැති බවත්, ගිනි අවි
සම්බ­න්ධ­යෙන් චෝදනා නැති බවත් විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත. එහෙත් ඔවුන්
දෙදෙ­නාට එරෙ­හිව කොල්කෑම් සහ සොර­කම් චෝදනා විශාල ප්‍රමා­ණ­යක් ඇති බවද ඒ
සම්බ­න්ධ­යෙන් අධි­ක­රණ කිහි­ප­ය­කම නඩු 20ක් පමණ විභාග වන බවද පොලිස්
තොර­තු­රු­වල දැක්වේ.

මේ සැක­ක­රු­වන් අතර සිටින කැලෑ මහින්ද නමැති අය මාක­ඳුරේ මධුෂ්ගේ
ගෝල­යෙකි. මාක­ඳුරේ මධුෂ්ට අයත්ව තිබුණු මාලබේ ආර­ක්ෂක නිව­ස්න­යක පවා ඔහු
කලක් නවා­තැන් ගෙන සිට ඇති බව කියවේ. මධුෂ්ගේ ඩුබායි සාද­යේදී ඩුබායි
පොලිස් අත්අ­ඩං­ගු­වට පත්ව මෙර­ටට පිටු­ව­හල් කිරී­මෙන් අන­තු­රුව රක්ෂිත
බන්ධ­නා­ගා­ර­ගත වූ රොටුඹ අමිල එහිදී නැව­තත් කැලෑ මහින්ද සමඟ
සම්බ­න්ධ­කම් ගොඩ­න­ඟා­ගෙන සිට ඇති බව පොලි­සිය කියයි.

ඒ සම්බ­න්ධ­කම්
ඔස්සේ රොටුඹ අමිල ඇප මත නිද­හස් වීමෙන් අන­තු­රුව නැව­තත් ඩුබායි වෙත
පලා­ගොස් තිබේ. එහි සිට දුර­ක­ත­න­ව­ලින් කතා­බහ කර­මින් කැලෑ මහින්ද සමඟ
ඔහු සම්බ­න්ධ­කම් පව­ත්වා­ගෙන ගොස් තිබේ.

මෑත­කදී රොටුඹ අමිල මේ කැලෑ මහි­න්දට ඇම­තුම් දී ඇත්තේ ප්‍රංශයේ
භාවිත කරන දුර­ක­තන අංක­ය­කිනි. ඒ අනුව විශේෂ කාර්ය බළ­කාය සැක කර­නුයේ
රොටුඹ අමිල මේ වන විට ප්‍රංශයේ රැඳී සිටින බවයි. රාම­නා­ය­කගේ ඉන්දික කුමාර
නොහොත් කැලෑ මහින්ද නමැති පුද්ග­ලයා හා ජය­ව­ර්ධන අබේ­සිංහ පති­ර­ණගේ
සඳ­කැ­ලුම් ජය­ව­ර්ධන නමැති පුද්ග­ලයා සමඟ අත්අ­ඩං­ගු­ව­ට­ගත් ගල්ක­ටස්
වර්ගයේ ගිනි අවි 2ක්, බෝර 12 ජීව උණ්ඩ 2ක්, හෙරො­යින් ග්‍රෑ. 100ක්, වෙඩි
තැබී­මට පැමිණි බවට සැක කරන අංක BCF 1681 දරන යතු­රු­පැ­දිය හා රොටුඹ අමිල
සමඟ කතා­බහ කළ ජංගම දුර­ක­තන 3 වැඩි­දුර විම­ර්ශන කට­යුතු සඳහා කොළොන්න
පොලිස් ස්ථාන­යට භාර දුන් බව විශේෂ කාර්ය බළ­කාය සඳ­හන් කළේය.

විශේෂ කාර්ය බළ­කායේ අණ දෙන නිල­ධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති
නීතිඥ වරුණ ජය­සු­න්දර මහ­තාගේ නියෝග හා උප­දෙස් පරිදි, අධ්‍යක්ෂ බුද්ධි
ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී එම්.එම්.කේ. විජේ­සිංහ මහ­තාගේ මඟ­පෙ­න්වීම
පරිදි, සහ­කාර පොලිස් අධි­කාරී (බුද්ධි/ විශේෂ මෙහෙ­යුම්/ මත්ද්‍රව්‍ය නාශක
හා සංවි­ධා­නා­ත්මක අප­රාධ මර්දන) සාගර කුල­සේ­කර මහ­තාගේ අධී­ක්ෂ­ණය මත,
විශේෂ කාර්ය බළ­කාය සංවි­ධා­නා­ත්මක අප­රාධ මර්දන ඒක­කය I හි
ස්‍ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක පි.කේ.ඩි.ආර්.ඒ.කේ. දිසා­නා­යක ඇතුළු
නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් මිද්දෙ­නිය පොලිස් වසමේ ඇඟ­ළුම් ආය­ත­න­යක්
අසල මේ සැක­ක­රු­වන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

(ගයාන් කුමාර වීර­සිංහ, ඌරු­බොක්ක ඒ.පී. දයා­චන්දර)

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

O/L විභාග ප්‍රතිඵල හරියටම නිකුත් වෙන දිනය මෙන්න

පසුගිය වසරේ පවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads