යුගයේ විශිෂ්ටතම විවාහ මංගල්‍යය ලෙස හැඳින්විය හැකි මුකේෂ් අම්බානිගේ බාල පුත් ආනන්ත් අම්බානිගේ විවාහ
මංගල්‍යය දෙසට මේ වනවිට ලොවම අවධානය යොමු කර තිබෙනවා.
ඒ එහි ඇති විචිත්‍ර බව සහ පැමිණෙන පුද්ගලයින් නිසාවෙන්.
ඒ වගේම මෙම විවාහයට පෙර පූර්ව විවාහ මංගල්‍යයයන් කිහිපයක් පැවති අතර ඒවාටද ලොව නන්දෙසින් ජනප්‍රියතම පුද්ගලයින් පැමිණියා.
මේ අතරම මෙම විවාහ උත්සවයට වියදම් වුණ මුදල් ප්‍රමාණය ගැන කොයි කවුරුත් අවධානය යොමු කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම විවාහ මංගල්‍ය සඳහා ඉන්දීය රුපියල් කෝටි 5000ක පමණ මුදලක් දරා ඇති බවට සඳහන්.
කෙසේ නමුත්, එහි විශේෂත්වය වන්නේ එය මුකේෂ් අම්බානිගේ ශුද්ධ වූ ධනයෙන් 0.05ක ප්‍රමාණයක් බවට සඳහන්.
ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ, පරම්පරා 5ක් සතුටින් තැබීමට එම මුදල ප්‍රමාණවත් බවයි.
Author: Lanka Hit News
Post Views: 143