අතුරුගිරිය, ඔරුතොට ප්‍රදේශයේදී පසුගිය 08 වැනිදා වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුවුණා.
ඒ විශේෂ පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ යි.
මෙම ඝාතනය හා සම්බන්ධව කළක් මෙරට පාතාලයේ රජු ලෙස හැඳින් වූ මා කඳුරේ මධුෂ්ගේ නම ඇඳුණු අතර, වසන්ත හා මදුෂ් අතර පැවති කෝන්තරයක පළිගැනීමක් වශයෙන් මේ වනවිට මෙරටින් පලාගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් සැලසුම් සහගතව ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය කර ඇති බවට සිදු කෙරෙමින් පවතින පොලිස් විමර්ශන කටයුතු වලදී අනාවරණය වෙමින් පවතින බව සඳහන්.
එවන් වටපිටාවක් තුළ නැසීගිය මා කඳුරේ මදුෂ්ගේ දේහය භූමදානය කර ඇති ගොඩිගමුව පොදු සුසාන භූමියේ තාප්පයෙහි අද පස්වරුවේ ඔහුගේ ඡායාරූපයක් සහිතව මුද්‍රණය කරන ලද බැනරයක් ප්‍රදාර්ශනය කර තිබෙනවා.
එහි සඳහන් වී ඇත්තේ, “අපේ අයියේ එක එක්කෙනා එවනවා. අපි එනකන් බලාගන්න. ” යනුවෙන් බවයි සඳහන් වුණේ.
එමෙන්ම එම දැන්වීමේ යටින් KPl යනුවෙන් අකුරු තුනක් ද සටහන් කර ඇති බවද සඳහන්.