පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්රකාශය හැකි නම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ සිදු කරන්නැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක අභියෝග කරනවා.
ඒ, ගාල්ලේ දී ඊයේ(26) පැවති ජන හමුවකට එක්වෙමින්.
කෙසේ වෙතත්, පොලිස්පතිවරයා පත් කර ඇත්තේද වැරදි ආකාරයෙන් බවද ඔහු එහිදී සඳහන් කළා.
එසේම, රනිල් වික්රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත්වනවා යැයි කියමින් පොලිස්පති පත් කරන්නට නොහැකි යැයි ප්රකාශ කරන්නේ කුමන පදනමකින් දැයි අනුර කුමාර මෙහිදී ප්රශ්ණ කර තිබෙනවා.
තවද ඔහු කියා සිටින්නේ, රනිල්ට වික්රමසිංහට බඩු බෙදන්න, සල්ලි බෙදන්න , ඉඩම් ඔප්පු බෙදන්න, රජයේ වාහන පාවිච්චි කරන්න, රජයේ කාර්යාල පාවිච්චි කරන්න ඔක්කෝම කරන්න පුළුවන් පොලිස්පති ධුරයට පුද්ගලයෙක් පත් කරන්න පමණක් නොහැකි බව පැවසීම පිළිගත නොහැකි බවයි.