ජනාධිපති රනිල් වික්රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් ඊයේ (01) පැවැත්වුණා.
හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී, ඊයේ රාත්රියේ මෙම සාකච්ඡාව පැවතුණු බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්.
මේ අතර, තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා ප්රකාශයට පත් කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම් සඳහන් කළා.
එම පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් ද බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි පක්ෂ ප්රධාන කාර්යාලයට කැඳවා තිබූ අතර, එම සාකච්ඡාව පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන්.
Author: Lanka Hit News
Post Views: 46