2024 වර්ෂයට අදාලව ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට චක්‍රලේඛයට අනුව ළමුන් ඇතුළත් කිරීම අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
පසුගිය ජූලි 26 වනදා ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ළමුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම හෝ නිලධාරීන් ස්ථාන මාරු කිරීම් අත්හිටුවා ඇති බවයි ඊයේ (06) නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන කෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයෙකු බව කියන පුද්ගලයෙකු විසින් අසත්‍ය ප්‍රචාර සිදුකරන බවට අමාත්‍යාංශය වෙත පැමිණිලි ලැබී ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
Author: Lanka Hit News
Post Views: 42