Global Platform For All Sri Lankans

Lanka Hit News

ජීවිත 2ක් බිළිගත් , අමුතුම නිපදවීම ගැන තොරතුරු රැසක් එළියට..

 

මාලබේ කහන්තොට පාර ජයන්ති මාවතේ නිවසක් තුළ පසුගියදා විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධව තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ, 45 හැවිරිදි හා 63 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක් බවයි සඳහන් වුණේ.

ඔවුන් මොනරාගල හා කහන්තොට යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද සඳහන් වුණා.

ඒ අනුව, බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපනගේ උපදෙස් පරිදි මාලබේ පොලීසිය අදාළ නිවස ඊයේ (14) දිනයේ පුළුල් පරීක්ෂාවට ලක්කර තිබුණු අතර,

රසායනික ද්‍රව්‍යයක් මිශ්‍රණය කිරීමට යෑමේදී ඇතිවූ විෂ දුමක් හේතුවෙන් මියගිය පුද්ගලයන් දෙදෙනාට ශ්වසන අපහසුතා ඇති වී තිබෙන බව එහිදී හෙළිවී තිබුණා.

එම රසායන ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට යොදාගන්නා බවට සැක කරන අතර, මොවුන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට උත්සාහ කිරීමේදී මෙම තත්ත්වය මතුවී ඇතැයි පොලීසිය සැක ඵල කරනවා.

ඒ අනුව, මේ පිළිබඳව නිසි අයුරින් තහවුරු කරගැනීම සඳහා රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ අදාළ රසායනික ද්‍රව්‍යයේ සාම්පල රැගෙන ගොස් තිබෙන බවද සඳහන්.

මේ අතර, පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් ද පැමිණ අදාළ රසායනික ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කර ඇත්තේ ඒවා භාවිත කර පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ ද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහාය.

කෙසේ වෙතත්, එහිදී අනාවරණ වී ඇත්තේ, එම රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගෙන පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය නොකරන බවයි.

එසේම, අදාළ නිවෙස් දෙකම මේ වන විට මුද්‍රා තැබීමට පියවර ගෙන තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

2 thoughts on “ජීවිත 2ක් බිළිගත් , අමුතුම නිපදවීම ගැන තොරතුරු රැසක් එළියට..”

  1. නව නිපැයුම් අප රටෙහි සදා
    නව යුගයක් අපි කරමු උදා…..😂😂

    Reply
  2. සල්ෆියුරික් අම්ලය හදන්න උත්සාහ ගත්ත වෙන්න බැරිද? 🤔🤔

    Reply

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads