Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 03, 2025 , Published 08:43 am ,
0
0
8 views

බොරු ඩයි කම්හලට සීල්..

  • newsLankahit news
  • 8 views
  • 0 comments


ව්‍යාජ ලෙස හිසකෙස් වර්ණක නිපදවන මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි නිෂ්පාදනාගාරයකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ඊයේ (02වැනිදා ) පියවර ගෙන තිබේ. දිවයිනේ ප්‍රසිද්ධ වෙළෙඳ නාමයක් භාවිත කරමින් නියම නිෂ්පාදකයාගේ නම, ලිපිනය ඇතුළු තොරතුරු මෙන්ම ආරක්‍ෂිත ස්ටිකරයෙහි තොරතුරු ඒ ආකාරයෙන්ම ඇතුළත් කරමින් ව්‍යාජ ලෙස සකස්කරන ලද ග්‍රෑම් 10, 9 , 8, 7 ප්‍රමාණවලින් යුතු එම හිසකෙස් වර්ණක වෙළෙඳපොළට නිකුත් කර තිබිණ.

කෙසේ වෙතත්, ග්‍රෑම් 21 අසුරනවලින් සිය නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කළ නියම නිෂ්පාදකයා කරන ලද පැමිණිලක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

එහිදී වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 28ක් පමණ වන ව්‍යාජ නිෂ්පාදන ඇසුරුම් 130,000ක තොගයක්ද නිලධාරීන් භාරයට ගෙන ඇති අතර ඒ සම්බන්ධව ඉදිරියේදී මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතව තිබේ.

මෙම ව්‍යාජ නිෂ්පාදකයා විසින් වසර ගණනාවක්ම නීති විරෝධී ලෙස කටයුතු කරමින් සිදුකරගන ගිය මෙම ව්‍යාජ නිෂ්පාදනයෙහි ඇමෝනියා අඩංගු නොවන බව සඳහන් කර තිබුණද ඒ සම්බන්ධවද ගැටලු පවතින බව විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කරයි.

මෙම නිෂ්පාදනාගාරයට සම්බන්ධ තවත් ස්ථානයක්ද කැලණිය ප්‍රදේශයේ ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් එම ස්ථානයද වැටලීම් සිදු කිරීමට නියමිත බව එම අධිකාරිය සඳහන් කරයි.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.