ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවෙන් ලැබෙන සියලුම භාණ්ඩ සඳහා සියයට 44 තීරු බද්දක් පැනවීමට ගත් තීරණය හේතුවෙන් මෙරට ආර්ථිකයට බලපෑම් එල්ල වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසනවා.
අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම තීරණයත් සමග ඇතැම් කර්මාන්තශාලා වැසී යාමක් ද පවතින බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොව පුරා රටවල් 25 ක් සදහා තීරු බදු ප්‍රකාශයට පත් කර ඇති අතර එය අනිද්දා සිට ක්‍රියාත්මකයි.
අමෙරිකාවට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 10%ක අවම තීරු බදු ක්‍රියාත්මක බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේ.
මීට අමතරව වියට්නාමයට 46%ක තීරු බද්දකුත්, චීනයට 34%කන්, ඉන්දියාවට 26%කත් තීරු බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙනවා.
යුරෝපා සංගමයට 20%කත්, තායිවානයට 32%කත්, ජපානයට 24%කත්, දකුණු කොරියාවට 25%කත්, තීරු බදු ක්‍රියාත්මකයි.
තායිලන්තයට 36%කන්, ස්විට්ටර්ලන්තයට 31%කත් සහ බි‍්‍රතාන්‍ය, බ්‍රසීලය, සිංගප්පූරුව, චිලි, ඔස්ට්‍රේලියාව, තුර්කිය සහ කොළොම්බියාවට 10% බැගින්ද තීරු බදු පනවා තිබෙනවා.
බංග්ලාදේශයට 37%ක සහ පකිස්ථානයට 29%ක් ලෙස තීරු බදු පැනවීමටයි ට්‍රම්ප් පරිපාලනය තීරණය කළේ.
පිලිපීනයට 17%ක බදු පනවා තිබෙනවා.
2024 වසරේ දී අමෙරිකාව මෙරටින් ඇමරිකානු ඩොලර් බිලියන 3 කට වඩා ආනයනය කර තිබුණා.
මෙම නව තීරු බදු පැනවීමත් සමග ශ්‍රී ලංකා ආර්ථිකයට බරපතල තර්ජනයක් එල්ල විය හැකි බවටයි මත පළ වන්නේ.
No commnets