Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 04, 2025 , Published 12:12 pm ,
0
0
views

කොමිසමෙන් පොලීසියට උපදෙස්..

  • newsLankahit news
  • views
  • 0 comments

පළාත් පාලන මැතිවරණ පනත හා වියදම් නියාමන පනත සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව තවත් අදියරක් අද (04) රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

මේ සඳහා රත්නපුර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් සහභාගීවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මීට අමතරව මැතිවරණ ආරවුල් නිරාකරණය සම්බන්ධයෙන් ද පොලිස් නිලධාරීන් දැනුවත් කෙරෙනු ඇත.

මෙම වැඩසටහනේ අදියර කිහිපයක් පසුගිය දා බදුල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැති අතර දිවයිනම ආවරණය වෙන පරිදි මෙම වැඩසටහන් පවත්වන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාවීම සම්බන්ධව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත වාර්තා වූ පැමිණිලි සම්බන්ධව පොලීසිය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

එහි දැක්වෙන්නේ ඊයේ (03) දිනට මැතිවරණ නීති උල්ලංඝණය කිරීමවලට අදාල පැමිණිලි 05ක් වාර්තා වී ඇති බවය.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.