Global Platform For All Sri Lankans

Lanka Hit News

සජිත්ගේ සුදුසුකම් එළියට , හරිනි ගුරුතුමියගෙනුත් ටියුෂන් අරන්..

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය අධ්‍යාපන සුදුසුකම් අද (18) පාර්ලිමේන්තුවේ දී සභාවට ඉදිරිපත් කළා.

එහි දී විපක්ෂ නායකවරයා සඳාහන් කළේ, තමා සිය පෙර පාසල් අධ්‍යාපනය ලැබුවේ ශාන්ත බ්‍රිජට් කොන්වට් එකේ බවත්, 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයේ බවත්, 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා රාජකීය විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබූ බවත්, තමන් මෙරට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී නොසිටි බවත් පැවසුවා.

අනතුරුව තමා එංගලන්තයේ මිල්හිල් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ බවත්, 1983 – 1984 කාලසීමාව තුළ එරට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට A සාමාර්ථ 2ක්, B සාමාර්ථ 2ක්, සහ C සාමාර්ථ 3ක් සමග එම විභාගය සමත් වූ බවත් එහි ප්‍රතිපල ලේඛණ පෙන්වමින් සඳහන් කළා.

මේ අතර එක්තරා ගුරුවරයෙකු තමාගේ ප්‍රතිපල යැයි සඳහන් කරමින් W9ක ව්‍යාජ ප්‍රතිපලයක් නිකුත් කර ඇති බවත් සඳහන් කළා.

තව ද උසස් පෙළ හා සමාන Upper 6th පන්තියේ දී දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව සඳහා මිල්හිල් විද්‍යාලයේ School Prize එකත් ලබා ගත් බව පැවසුවා.

එසේ ම උසස්පෙළ විභාගය සඳහා B සාමාර්ථ 2ක් C සාමාර්ථයක් ලබා ගනිමින් සමත් වූ බවත් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එම උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව London School of Economics and political science වෙත ඇතුල් වී 1991 වසරේ දී උපාධිය නිම කළ බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.

පසුව අමෙරිකාවේ University of Maryland collage park වෙත ඇතුලත්ව මහජන කළමණාකරණය පිළිබඳව ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවට සම්බන්ධ වූ බවත් නමුත් තම පියාගේ අභාවයෙන් පසු එහි සිය අධ්‍යාපන කටයුතු නිමා කිරීමට සිදු වූ බවත් සඳහන් කළා.

මේ අතර 2021 වසරේ දී ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලයට ඇතුලත් වී සිය ශාස්ත්‍රපති උපාධිය හැදෑරූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

එසේම , එම විශ්වවිද්‍යාලයේ දී , අගමැතිනිය ( හරිනි අමරසුරිය ) ගෙන්ද ඔහු අධ්‍යාපනය ලබා ඇති බවද සඳහන් කළ විපක්ෂනායකවරයා , ඇය හොඳ ගුරුතුමියක් බවද සඳහන් කළා.

ඊයේ (17) දිනයේ දී සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව පාර්ලිමේන්තුවේ දී අමාත්‍ය නලින්ද ජයතිස්ස කළ විමසීමට පිළිතුරු වශයෙන් විපක්ෂනායකවරයා මෙම ඉදිරිපත් කිරීම සිදු කළා.

මීට අමතරව තමා මෙලෙස ඉදිරිපත් කළ අධ්‍යාපන සුදුසුකම් ව්‍යාජ ඒවා බවට යමෙකු ඔප්පු කළහොත්, තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්, විපක්ෂ නායක ධුරයෙන් සහ දේශපාලනයෙන් ද ඉවත් වීමට සූදානම් බව ද ඔහු සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads