Global Platform For All Sri Lankans

Lanka Hit News

බස් රථ සහ ත්‍රිරෝද රථ අලංකරණය කලාවක්

යම් නීති මාලාවකට යටත්ව, ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් බස් රථ සහ ත්‍රිරෝද රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

බස් රථ  හා ත්‍රිරෝද රථ අලංකරණය කිරීම වෙනම කර්මාන්තයක් මෙන්ම කලාවක් බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ජනතාවට හානි නොවනවා නම් බස්රථ හා ත්‍රිරෝද රථ  අලංකරණය කිරීමෙහි කිසිදු ගැටළුවක් නොමැති බව ද ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම මාර්ග නීති කඩ කිරීමට මෙන්ම ජනතාවට අපහසුතාවක් ගෙන දෙන  ක්‍රියා සඳහා ඇති නීති එලෙසම ක්‍රියාත්මක කළ යුතු බව නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේ.

කෙසේවෙතත් ජනතාවට හානි නොවන ආකාරයේ අලංකරණ කටයුතුවල නිරත වී ඇති බස්රථවලට හා ත්‍රිරෝද රථවලට  සහනයක් දෙන මෙන් ඒ මහතා ඉල්ලා සිටියා.

මාර්ග බලපත්‍රවලට පිටින් හා බස්රථ බලපත්‍රවලට පිටින් නොයන බස් රථ අලංකරණ කටයුතු සිදුකිරීම වරදක් නොවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

1 thought on “බස් රථ සහ ත්‍රිරෝද රථ අලංකරණය කලාවක්”

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads