Global Platform For All Sri Lankans

ෆුජි කන්ද මත , හිම දර්ශනය වෙයි..

 

වසර 130 කට පෙර වාර්තා ආරම්භ වීමෙන් පසු,ජපානයේ ෆුජි කන්ද මේ වසරේ සිය පළමු හිම පතනය වාර්තා කර තිබෙනවා

ඒ, හිම නොමැතිව දීර්ඝතම කාලය ගත කිරීමෙන් පසුවයි.

බලාපොරොත්තු වූවාට වඩා මසකට පමණ පසු ජපානයේ ඉහළම කඳු මුදුනට හිම පතිත වී ඇත්තේ, වාර්තාගත ලෙස එහි උණුසුම්ම ගිම්හානයකින් රට යථා තත්ත්වයට පත්වීමෙන් අනතුරුව බව සඳහන්.

ෆුජි කන්ද ජපානයේ වඩාත්ම ජනප්‍රිය සංචාරක ආකර්ෂණයන්ගෙන් එකක් වන අතර සියවස් ගණනාවක කලා නිර්මාණ සඳහා ආභාෂය ලබා දී තිබෙනවා.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියේ ෂිzඋඔක හි ශාඛාව විසින් ප්‍රථම වරට මෙම හිම පතනය නිරීක්ෂණය කරන ලද බව සඳහන්.

ටෝකියෝවේ නිරිත දෙසින් පිහිටා ඇති ෆුජි කන්ද උසින් මීටර් 3,776 (අඩි 12,460) ක් වන අතර පැහැදිලි දිනයක ජපාන අගනුවර සිට දැකගත හැකියි.

ෆුජි ගිනි කන්ද අවසන් වරට පුපුරා ගොස් ඇත්තේ මීට වසර 300 කට පමණ පෙරයි.

ජපානයේ මේ වසරේ වාර්තාගත උණුසුම්ම ගිම්හානය පසුගිය ජුනි සහ අගෝස්තු අතර වාර්තා වී තිබුණා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads